
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ කියන එකත් අපි බලාගෙන ඉන්නවා” යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.
“විශේෂයෙන්ම මේ විස මත්ද්රව්ය පාලනය මේ බොහෝ ආණ්ඩු හිතන් ඉන්නවා මේ විස මත්ද්රව්ය පාලනය කරන්න, නැත්නම් මේ මත්ද්රව්ය පාලනය කරන්න ආණ්ඩුවක් පත් වෙලා පොලිසියට ටාගට් එකක් දීලා කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් යථාර්ථය තමයි ටාගට් එකක් දීලා කරන්න බෑ. ඒ ක්රමය ෆේල්.
මේ හැම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ දවසට තමන්ගේ ආණ්ඩුව තුළින් පොලිසිය අත්අඩංගුවට ගන්න ප්රමාණය වැඩි කරලා පෙන්නන්න. දැන් අපි දැක්කා පහුගිය දිනක ඊයේ දිනයේදී පොලිස්පතිවරයා එහෙම කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණා. ඇයි? පොලිස්පතිවරයාත් තේරුම් ගන්න ඕනේ, ඔහු මේ මාලිමාවේවත්, ජේවීපී එකේවත් පොලිස්පතිවරයා නෙවෙයි. ඔහු ශ්රී ලංකා පොලිසිය නියෝජනය කරන්නේ. ආණ්ඩුවට කඩේ යන්න ගිහිල්ලා අවසානයේ මොකක්ද වුණේ?
පොලිස්පතිවරයාටත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනුවෙන්න පටන් ගත්තා. ඉතින් ඒ හින්දා ගරු නියෝජ්ය කතානායකතුමනි, මේ විස මත්ද්රව්ය පාලනය කරන්න ඕනේ. ඒකේ සැබෑ මොළකරුවන්, ගෙන්වන අය, වෙළඳාම් කරන අයට නීතිය ක්රියාත්මක වෙන්න ඕනේ. මේ කිසි කෙනෙක්ට නීතිය ක්රියාත්මක කරන්න එපා කියලා කියන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් කිරීම නම් විකල්පය විදිහට දකින්නේ, ඒ කාරණය සාර්ථක වෙන්නේ නැහැ කියන එකත් ආණ්ඩුව තේරුම් ගත යුතුයි කියන එක ගරු නියෝජ්ය කතානායකතුමනි මතක් කරන්න ඕනේ.
මොකද මේ අත්අඩංගුවට ගන්නේ බහුතරයක් ඇබ්බැහිවූ අය. ඒ අය පුනරුත්ථාපනය කිරීමයි කරන්න ඕනේ. රනිල් වික්රමසිංහ අගමැති විදිහට ඉන්න කාලේ, පුනරුත්ථාපන මධ්යස්ථානය හදන්න අවශ්ය ඉඩම් ගත්තා. දැන් යම්කිසි හේතුවකින් නිසා ආණ්ඩුව මාරු වුනහම මේ ආණ්ඩුව තීන්දු කළා මේ පුනරුත්ථාපනය කරනවා වෙනුවට, හැමදාම අත්අඩංගුවට අරගෙන නිව්ස් එකේ දාන එක තමයි කළ යුත්තේ කියලා.
අනේ ඉතින් පොලිස් මහත්තුරුත් මොකද කරන්නේ? ආණ්ඩුවේ ටාගට් එක දෙන්න ඕන හින්දා ගමේ ඉන්න කෙනා ගන්නවා, 54 ගහනවා දානවා. බන්ධනාගාර පිරෙනවා. අවසානයේ මොකක්ද වෙන්නේ? බන්ධනාගාර වල තදබදයකුත් ඇති වෙනවා. සමාජ විරෝධයකුත් ඇති වෙනවා, ගරු නියෝජ්ය කතානායකතුමනි. දැන් මේ බන්ධනාගාර ඇතුලේ තත්ත්වය බලන්න. මේවා නිකන් මිහිපිට අපායවල් වගේ. විස්සක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් නැහැ. දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නේ නැහැ.
හැබැයි අවසානයේ මොකක්ද වෙන්නේ, ආණ්ඩුව තමන්ගේ නීතිය, තමන්ගේ ක්රියාකාරීත්වය පෙන්නන්න ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ව රිමාන්ඩ් කරනවා. දැන් ඒකට හොඳම උදාහරණය ඊයේ පොලිස්පතිවරයාට සිද්ධ වෙච්ච කාරණය. මේ ළමයෙක් ගෙනිහිල්ලා 54 ගහලා දැම්මා කියලා මේක විසඳෙන්නේ නැහැ. දැන් ඉතින් මේ ග්රෑම් 10, 100 කරානේ. දැන් ඉතින් හෙට ඉඳන් පොලිසිය, ඔබතුමාලාගේ පොලිස්පතිවරයාට කරුණා කරලා කියන්න ගරු නියෝජ්ය කතානායකතුමනි, හෙට ඉඳන් අල්ලන අයට ග්රෑම් 101ක් දාන්න එපා කියලා. 101ක් දාන්න ඇයි කියන්න ග්රෑම්. දැන් 10 වුණාම 11ක් දානවා, 100 වුණාම 101ක් දානවා. අවසානයේ මොකක්ද වෙන්නේ? අර අර න්යාය පත්රයම ඒ විදිහටම ක්රියාත්මක වෙනවා. ඉතින් ඒ හින්දා මේ බන්ධනාගාර ගත කිරීම, රිමාන්ඩ් කිරීම කියන එක මේ ආණ්ඩුව ලබපු මහා ලොකු ජයග්රහණයක් විදිහට දකින්න එපා. විශේෂයෙන් මත්ද්රව්ය සම්බන්ධයෙන්.
ඒ සඳහා පුනරුත්ථාපනය කරලා නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙල ක්රියාත්මක වෙන්න ඕනේ. හැබැයි එක පැත්තකින් ඔබතුමන්ලා බන්ධනාගාර පුරවනවා. හැබැයි අනිත් පැත්තේ නිලධාරීන්ගේ පැත්තෙන් අද දැවැන්ත හිඟයක් තියෙනවා බන්ධනාගාර නිලධාරීන්ගේ
ඔබ තමුන්වහන්සේලාගේ ජනාධිපතිතුමාගේ නීතිය හැමෝටම සමානයි කිව්වනේ, දැන් අපි බලමු ගරු ඥානසාර හාමුදුරුවන්ටත් තියෙන චෝදනාවක් තමයි එල්ටීටීඊ ත්රස්තවාදීන්ට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් සම්බන්ධයෙන් කරපු ප්රකාශයක්. විශේෂයෙන්ම බුද්ධි අංශ නිලධාරීන් සහ රණවිරුවන්ව ආරක්ෂා කිරීම සඳහා කරපු ප්රකාශයකින් අධිකරණයට අපහාස උණා කියන කාරණය. දැන් ගරු නියෝජ්ය කතානායකතුමනි අපි බලාගෙන ඉන්නවා අධිකරණය පැහැරහැරලා, අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ කියන එකත් අපි බලාගෙන ඉන්නවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart