
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු වූ රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන් නමැත්තාගේ පිළිරුවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් නිල විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම සමරු උත්සවයට සහාය දැක්වූ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකුගෙන් මේ වන විට ප්රකාශ සටහන් කරගෙන ඇති අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි නීතිමය පියවර ගන්නා බව අමාත්යවරයා පැවසීය.
ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ යාපනය දිස්ත්රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් යොමුකළ ප්රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්යවරයා සඳහන් කළේ, තහනම් කරන ලද ත්රස්තවාදී සංවිධානයක් සෘජුව හෝ වක්රව ප්රවර්ධනය වන අයුරින් කටයුතු කිරීම නීතිවිරෝධී වන බවයි.
“1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වගන්තිය යටතේ නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක සඳහන් නියෝගවලට අනුව, ශ්රී ලංකාව තුළ තහනම් කරන ලද ත්රස්තවාදී සංවිධානයක් සෘජුව හෝ වක්රව ප්රවර්ධනය වන පරිදි කිසිදු ආකාරයකින් කටයුතු කිරීම නීත්යනුකූල නොවේ.
එවැනි ක්රියාවලට එරෙහිව පියවර ගැනීමට පොලිසියට බලතල තිබෙනවා. එමෙන්ම, සමාජ මාධ්ය හෝ වෙනත් මාධ්ය ජාල හරහා ත්රස්තවාදී ක්රියාකාරකම් ප්රවර්ධනය වන අයුරින් අන්තර්ගතයන් පළ කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක්. පොලිසිය සිදුකළ විමර්ශනවලදී තිලීපන් නැමැත්තා එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බව තහවුරු වී තිබෙනවා.
මෑතකදී යාපනයේ තිලීපන්ගේ පිළිරුවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් සුදුසු විමර්ශන සිදුකර තියෙනවා. එම පිළිරුව සහ උත්සවය අතරතුර ප්රදර්ශනය කළ වෙනත් ද්රව්ය නඩුවේ සාක්ෂි ලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා. තිලීපන්ගේ පිළිරුව සවිකිරීමට සහාය වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි. මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන තියෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරියේදී සුදුසු නීතිමය පියවර ගන්නවා.
2008 අප්රේල් 25 වන දින පිළියන්දල නගරයේ සිදුවූ, මිනිස් ජීවිත රැසක් අහිමි වූ බස් රථ බෝම්බ ප්රහාරයට සම්බන්ධතාවක් තිබීම නිසා සචිතානන්දම් ආනන්ද සුධාකරන් නමැත්තා ගල්කිස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තා. කොළඹ මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව අධිචෝදනා 92ක් ගොනුකිරීමෙන් අනතුරුව, 2017 නොවැම්බර් 08 වැනිදා නඩුව අවසන් කරමින් ආනන්ද සුධාකරන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා.
උතුර සහ නැගෙනහිර පමණක් නොව, රටේ කිසිදු ප්රදේශයක ත්රස්තවාදී ක්රියාකාරකම් සඳහා ඉඩ තබන්න බෑ. නීතියට අනුව සුදුසු සියලු පියවර ගන්නවා,” යැයි ද අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart