
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් සැකකරුවකු ලෙස නම්කර නොමැති බැවින් අවශ්ය නම් විදේශ ගමන් තහනම ඉවත්කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් මානුෂීයව සලකා බලන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (21දා) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ දන්වා සිටියේය.
නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්රාත්වරයා විසින්, ඉකුත් බ්රහස්පතින්දා අධිකරණයට මෙම සිද්ධියට අදාළව මෝසමක් ගොනුකළ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන මොනවාද යන්න විමසා සිටි අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස ප්රකාශ කළේය.
එම අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේ නීතිඥ සනත් විජේවර්ධනගේ අත්සනින් යුතු මෝසම් පත්රයක් නීතිපතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි.
සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයා තවමත් සැකකරුවකු ලෙස නම්කර නොමැති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා – ස්වාමිනි… ලංකාවේ ගොඩක් අයට ප්රතිකාර ගන්න බැහැනේ. සිංගප්පූරු රෝහලක කරන ලද සැත්කමකට පසු ප්රතිකාර ලබා ගැනීමට යෑමට තමයි මෝසම මඟින් ඉල්ලා තිබුණේ. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාචිකව දැන්වූවා ඒ සම්බන්ධයෙන් මානුෂිකව ක්රියාකරන්න කියලා.
එදින ඉදිරිපත් කරන ලද මෝසම් පත්රයේ අඩුපාඩු තිබූ බැවින් අධිකරණ රෙජිස්ට්රාර්වරිය විසින් එම මෝසම් පත්රය ප්රතික්ෂේප කළ බවද මහේස්ත්රාත්වරයා අධිකරණයට දන්වාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart