
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පාලන සමයේ උපදේශකයකු ලෙස කටයුතු කළ දුමින්ද හුලංගමුව මතම වත්මන් රජයද යැපෙන්නේ ඇයිදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා ආණ්ඩුවෙන් ප්රශ්න කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වත්මන් ආණ්ඩුව ආර්ථික විශේෂඥයෙකුගේ මඟපෙන්වීම ලබාගන්නා බවට කරන ප්රකාශ කෙරෙහි අවධානය යොමු කරමින් ආණ්ඩුවේ ආර්ථික ගමන්මඟ පිළිබඳව ප්රශ්න කරන බවයි.
ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයා ලෙස හඳුන්වනු ලබන දුමින්ද හුලංගමුව, රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා ලෙස සිටි සමයේද ආර්ථික ප්රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වී සිටි බව මන්ත්රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
“දැන් ජනාධිපතිවරයාගේ ආර්ථික මොළකාරයා කවුද? ඒ දුමින්ද හුලංගමුව,” යනුවෙන් මන්ත්රීවරයා සඳහන් කළේය.
අමාත්ය සුනිල් හඳුන්නෙත්ති දෙස සෘජුවම යොමුවෙමින් මන්ත්රී හර්ෂ ද සිල්වා ප්රශ්න කළේ, වත්මන් ආණ්ඩුවද යැපෙන්නේ පෙර පැවති රජයේ සිටි ආර්ථික උපදේශකයා මත නොවේද? යන්නයි.
“ඔයගොල්ලන්ගේ ආර්ථික මොළකාරයා, රනිල් වික්රමසිංහගේ ආර්ථික මොළකාරයාම නෙවෙයිද? ඒ දුමින්ද හුලංගමුව නෙවෙයිද? එහෙම නෙවෙයි නම් නැහැයි කියන්න,” යනුවෙන් මන්ත්රීවරයා අභියෝග කළේය. රට මේ වන විට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව පවසමින් මන්ත්රීවරයා ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයද මෙහිදී දැඩි ලෙස විවේචනය කළේය.
මේ අතර, පරාටේ නීතිය, යෝජිත ‘අක්රිය ණය කළමනාකරණය සඳහා වන බැංකු පද්ධතිය සහ බංකොලොත්භාවය පිළිබඳ නීති සම්පාදනය සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවටද හර්ෂ ද සිල්වා මන්ත්රීවරයා චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart