
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 46කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්රව්ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ 22 හැවිරිදි මියන්මාර ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම ගුවන්තොටුපළෙන් පිටව යාමට උත්සාහ කළ අවස්ථාවේදී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි Thai Airways සමාගමට අයත් TG-307 දරන ගුවන් යානයෙන් අද අලුයම 1.45ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ඇඳුම්, පැණි රසැති ආහාර ද්රව්ය අතර පාර්සල් තුනක සඟවා තිබූ රුපියල් මිලියන 46.46ක් වටිනා කුෂ් මත්ද්රව්ය කිලෝග්රෑම් 4.646ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්රව්ය සමඟ අද දින මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැඩිදුර ප්රශ්න කිරීම් සහ විමර්ශන සඳහා ඔහු ඉන් අනතුරුව කොළඹ පිහිටි පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ ප්රධාන කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart