
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන සමාගමක් සම්බන්ධ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්යාපෘතියට රජය විරුද්ධ වීමට බලපෑ ප්රධාන හේතුවක් වූයේ, කොළඹ වරායෙන් අක්කර 10ක ඉඩම් ප්රමාණයක් වෙන් කිරීමට අදාළ ගිවිසුම පිළිබඳව පැවති ගැටලුකාරී තත්ත්වය බව අමාත්ය බිමල් රත්නායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා පැවසුවේ, මෙම ගිවිසුම මඟින් කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්ත අතර පිහිටි අක්කර 10ක ඉඩම් ප්රමාණයක් අදාළ සමාගම වෙත වෙන් කිරීමට යෝජනා වී තිබූ බවයි.
යෝජිත ආයෝජනයට රජයේ සහයෝගය හිමි වුවද, අදාළ ගිවිසුමට එළඹ තිබූ ආකාරය පිළිබඳව ගැටලු සහ සැකසංකා පැවති බව අමාත්යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, තමන් ධුරයේ වගකීම් භාරගැනීමෙන් අනතුරුව, අදාළ සමාගමේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡා සඳහා ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගැනීම ඇතුළුව මෙම ව්යාපෘතිය පහසු කිරීම සඳහා පෞද්ගලිකවම මැදිහත් වී කටයුතු කළ බවද අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.
“අපි සමාගමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා ආයෝජනයට අපගේ සහයෝගය හිමිවන බව පැහැදිලිවම ප්රකාශ කළා. කෙසේ වෙතත්, නිසි ක්රමවේද අනුගමනය කර නොතිබූ බැවින් දැනට පවතින ගිවිසුම යටතේ ඉදිරියට යාමට අපට හැකියාවක් තිබුණේ නැහැ,” යැයි අමාත්යවරයා පැවසීය.
රජයේ මෙම ක්රියාකලාපය හේතුවෙන් ආයෝජකයන් ඉවත් වී යන බවට එල්ල වන චෝදනා ප්රතික්ෂේප කළ බිමල් රත්නායක අමාත්යවරයා පෙන්වා දුන්නේ, සැකසංකා සහිත ගිවිසුම් යටතේ ආයෝජන ඉදිරියට ගෙනයාම මඟින් අනෙකුත් අනාගත ආයෝජකයන් ද උනන්දුවක් නොදක්වන තත්ත්වයක් ඇති විය හැකි බවයි.
කොළඹ වරායේ යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්යාපෘතිය ඉදිරියට නොයන බව ශ්රී ලංකා වරාය අධිකාරිය තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්යවරයා මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart