October 21, 2026

ත්‍රිකුණාමලය, 4 වැනි සැතපුම් කණුව හන්දිය ආසන්නයේ පිහිටි සංචාරක නිකේතනයක හිමිකරුවකු වන 56 හැවිරිදි පුද්ගලයකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය ඔක්තෝබර් 20 වැනිදා රාත්‍රියේ සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

පුද්ගලයකුගේ ගෙල කපා ඝාතනය කර ඇති බවට ලද හදිසි පණිවුඩයක් මත වහා ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමලය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය, සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු සංචාරක නිකේතනය තුළ තනිව සිට ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.