October 20, 2026

අප්‍රිකානු රටවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකට සමානව මෙරට සිටින දළ ඇතුන් ආරක්ෂා කිරීම සඳහාම වෙන් වූ සන්නද්ධ බලකායක් පිහිටුවීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.

පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, කෙන්යාවේ හිටපු ජනාධිපති ජෝමෝ කෙන්යාටා විසින් සුප්‍රකට ‘අහමඩ්’ නමැති ඇතා ඇතුළුව එරට ඇතුන් ආරක්ෂා කිරීම සඳහා විශේෂිත සන්නද්ධ බලකායක් පිහිටුවා තිබූ බවයි.

මෙරට සිටින ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ද එවැනිම විශේෂ වැඩපිළිවෙලක් වහාම ආරම්භ කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.