October 20, 2026

‘කාවන්තිස්ස’ ඇතා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල නිසා බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආරම්භයේදී හස්තියා සුවය ලබා සිටියද, මියයෑමට පෙර නැවතත් රෝගාතුර වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සත්වයා වෙනුවෙන් තායිලන්තයේ සහ ඉන්දියාවේ විදේශීය පශු වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ලබාගෙන තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

හස්තියා ඝාතනය කිරීම සඳහා කිසියම් කුමන්ත්‍රණයක් තිබුණේද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.