
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණු කඳවුරෙන් නියමිත කාලයට පෙර පිටව යාම හේතුවෙන් සුප්රකට පාපන්දු තරුවක් වන ක්රිස්ටියානෝ රොනාල්ඩෝට යුරෝ 255ක දඩ මුදලක් නියම කර ඇති අතර, ඔහුට දින 30ක තරග තහනමක් ද පනවා තිබේ.
පෘතුගාල පාපන්දු සම්මේලනයේ විනය කමිටුව සඳුදා දින මෙම දඬුවම් ප්රකාශයට පත් කළ අතර, ඔහුට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම තහවුරු වී ඇති බව ද නිගමනය කළේය.
එම නිල ප්රකාශයේ මෙසේ සඳහන් වූයේ පෘතුගාල පාපන්දු සම්මේලනයේ විනය කමිටුව විසින්, මෙම විමර්ශනයේදී ඔහුට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම තහවුරු වී ඇති බව තීරණය කරනු ලැබ ඇති බවයි.
ඒ අනුව, ක්රිස්ටියානෝ රොනාල්ඩෝ දොස් සැන්ටොස් අවෙයිරෝ (Cristiano Ronaldo dos Santos Aveiro) නම් විත්තිකරු, RDFPF හි 160(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි විනය උල්ලංඝනයක් සිදු කර ඇති බවට වරදකරු කරනු ලබන් බවත්, එහි ප්රතිඵලයක් ලෙස ඔහුට දින 30ක තරග තහනමක් සහ යුරෝ 255.00ක දඩ මුදලක් පනවනු ලබන බවත් එහි සඳහන් කර ඇත.
දඩ මුදලේ ප්රමාණය තීරණය කිරීමේදී, රොනාල්ඩෝ විසින් පාපන්දු ක්රීඩාවට ලබා දී ඇති දායකත්වය සහ ක්රීඩා කුසලතා වෙනුවෙන් ඔහු ලබා ඇති පිළිගැනීම වැනි කරුණු ඔහුට වාසිදායක සාධක ලෙස කමිටුව විසින් සලකා බලා තිබේ.
පාපන්දු ක්රීඩාව වෙනුවෙන් ඉටු කර ඇති සුවිශේෂී සේවාවන් සහ ක්රීඩා කුසලතා වෙනුවෙන් ලැබී ඇති ඇගයීම් වැනි කරුණු සැලකිල්ලට ගනිමින්, විත්තිකරු වන ක්රිස්ටියානෝ රොනාල්ඩෝ තම ක්රීඩා දිවියේදී ලබා ගත් සම්මාන සහ පිළිගැනීම් ඇතුළත් සිය ක්රීඩා වාර්තාව කමිටුව වෙත ඉදිරිපත් කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart