October 20, 2026

අහුන්ගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු, නිල පොලිස් යතුරුපැදියේ ආසනය යට සැඟවී සිටි නාගයකු දෂ්ට කිරීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අහුන්ගල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කරන මෙම කොස්තාපල්වරයා අහුන්ගල්ල නගරයේ රථවාහන රාජකාරීවල නියැලී සිට යළි පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී, යතුරුපැදි ආසනය යට සැඟවී සිටි නාගයා ඔහුට දෂ්ට කර ඇත.

අදාළ යතුරුපැදිය අහුන්ගල්ල නගරයේ නවතා තිබී ඇති අතර, එම පොලිස් ස්ථානයටම අනුයුක්ත පොලිස් සැරයන්වරයකු විසින් එය පදවාගෙන ගොස් තිබේ.

නාගයා යතුරුපැදියේ ආසනය යට සිටියදී පසුව සොයා ගෙන තිබිණි.

මෙම සිදුවීමෙන් පසු කොස්තාපල්වරයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

(Daily Mirror)