October 20, 2026

රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි ව්‍යස්ථානුකූලභාවයට අභියෝග කරමින් ඉදිරිපත් කර ඇති විශේෂ නිර්ණායක පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි හා සම්පත් අභයකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විමර්ශනයට ගැනීමට නියමිතය.

ඔක්තෝබර් 6 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට’ එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු පෙත්සම්කරුවන් කිහිපදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම විශේෂ නිර්ණායක පෙත්සම් ගොනු කර ඇත.