
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම දිනවල රාත්රී අහසේ දැකගත හැකි “ඔරියෝනිඩ්ස්” (Orionids) උල්කාපාත වර්ෂාව ශ්රී ලාංකිකයන්ටද නැරඹීමේ අවස්ථාව උදාවී ඇති බව මොරටුව ආතර් සී ක්ලාක් මධ්යස්ථානය සඳහන් කරයි.
සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී ක්රියාත්මක වන මෙම ස්වභාවික සංසිද්ධිය, මෙවර ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී වඩාත් පැහැදිලිව දැකගත හැකි වනු ඇත.
ලොව ප්රකට ‘හැලීගේ ධූමකේතුව’ සෞරග්රහ මණ්ඩලය හරහා ගමන් කිරීමේදී ඉතිරි කර යන දූවිලි හා කුඩා පාෂාණ අංශු පෘථිවි වායුගෝලයේ ගැටී දැවී යාමෙන් මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වේ.
තත්පරයට කිලෝමීටර් 66ක පමණ අතිශය වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වන මෙම අංශු, අහසේ වේගයෙන් ඇදී යන දීප්තිමත් ආලෝක ධාරා ලෙස දිස්වේ.
පැහැදිලි අහසක් ඇති රාත්රියක, මධ්යම රාත්රියෙන් පසු විශේෂයෙන්ම අලුයම් කාලයට ආසන්න වන විට මෙය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකිය.
මේ සඳහා කිසිදු විශේෂ දුරේක්ෂයක් හෝ උපකරණයක් අවශ්ය නොවන අතර, පියවි ඇසින්ම නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් පිහිටි ‘ඔරායන්’ (දඩයක්කාරයා) තරු රටාව දෙස බැලීමෙන් මෙම උල්කා වර්ෂාව පහසුවෙන් දැකගත හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart