
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ අත්, පාද සහ මුඛ රෝගය වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, දරුවන් විජලනයවීමෙන් වළක්වා ගැනීමට ප්රමාණවත් පරිදි ජලය ඇතුළු නිර්දේශිත සුදුසු පාන වර්ග ලබා දෙන ලෙසත්, රෝග ලක්ෂණ උත්සන්න වුවහොත් වෛද්ය ප්රතිකාර වෙත යොමු වන ලෙසත් සෞඛ්ය අංශ මව්පියන්ගෙන් ඉල්ල්ලීමක් කරයි.
මාරවිල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය මහේෂක විජයවර්ධන පෙන්වා දී ඇත්තේ, මෙම වෛරස් ආසාදනය සාමාන්යයෙන් සැහැල්ලු ස්වභාවයක් ගන්නා බව සහ බොහෝ දරුවන් දින 7ත් 10ත් අතර කාලය තුළ සුවය ලබන බවය.
කොක්සැකි වැනි එන්ටරොවෛරස් කාණ්ඩයට අයත් මෙම රෝගය සාමාන්යයෙන් වයස අවුරුදු පහට අඩු දරුවන්ට බහුලව වැළදෙන අතර උණ, උගුර රිදීම, ආහාර රුචිය අඩුවීම සහ අත්, පාද, මුව ඇතුළත මෙන්ම තට්ටම්වල කුඩා බිබිලි හෝ රතු පැහැති පළු මතුවීම මෙහි ප්රධාන ලක්ෂණ වේ.
මුව තුළ ඇති වන වේදනාකාරී තුවාල නිසා ආහාර ගැනීමට සහ පාන වර්ග ලබාගැනීම අපහසු වීමෙන් විජලනය වීමේ අවදානම ඉහළ යයි.
මේ සඳහා විශේෂ ප්රතිවෛරස් ප්රතිකාර නොමැති අතර, රෝග ලක්ෂණ පාලනය කිරීම සහ දරුවාට නිතර ජලය ලබා දීම කළ යුතුය.
දරුවා ජලය පානය ප්රතික්ෂේප කිරීම, මුත්රා කිරීම අඩුවීම හෝ අධික උණ, දැඩි හිසරදය වැනි අවදානම් ලක්ෂණ පෙන්වන්නේ නම් වහාම වෛද්ය ප්රතිකාර ලබා ගත යුතුය.
රෝගය ඉතා ඉක්මනින් බෝවන බැවින්, සබන් යොදා නිතර අත් සේදීම, පිරිසිදුකම ආරක්ෂා කිරීම සහ රෝග ලක්ෂණ පවතින කාලය තුළ දරුවන් පාසල් හෝ පෙරපාසල් යැවීමෙන් වැළකී නිවසේ රඳවා ගැනීම අත්යවශ්ය වේ.
බිබිලි පහව යාමෙන් පසුවද දරුවන්ගේ සනීපාරක්ෂක පුරුදු අඛණ්ඩව පවත්වා ගන්නා ලෙස වෛද්යවරුන් මව්පියන්ට උපදෙස් දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart