October 19, 2026

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේදී නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ සේවා අද උදෑසන ආරම්භ වූ අතර, යාපනය, හම්බන්තොට, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලද මෙවැනිම සේවා හඳුන්වා දී ඇත.

ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙම නව සේවාව හරහා එම දිස්ත්‍රික්ක පහේ පදිංචිකරුවන්ට යතුරුපැදි ලියාපදිංචි කිරීමේ කටයුතු අදාළ ප්‍රාදේශීය කාර්යාල හරහා වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යාමේ අවශ්‍යතාවයද අවම වේ.