
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රනිල් අනුරාධපුරය සමස්ත කලාපයේම බෞද්ධයන්ගේ පූජනීය මධ්යස්ථානයක් බවත්, අග්නිදිග ආසියාවට බුදුදහම ව්යාප්ත කිරීමේදී ශ්රී ලංකාව ඓතිහාසික කාර්යභාරයක් ඉටුකළ බවත්, ථේරවාදී බෞද්ධ රටවල් අතර වඩාත් ශක්තිමත් සහයෝගීතාවක් අවශ්ය බවත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අවධාරණය කළේය.
මිහින්තලේ මිහිඳු මහා සෑයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින් රනිල් වික්රමසිංහ පැවසුවේ, ශ්රී ලංකාව සහ තායිලන්තය අතර සියවස් ගණනාවක් පැරණි ආගමික හා සංස්කෘතික සබඳතාවක් පවතින බවත්, එය ආර්ථික සහයෝගීතාවයන් හරහා තවදුරටත් ශක්තිමත් කරගත යුතු බවත්ය.
අනුරාධපුරය යනු ශ්රී ලාංකික බෞද්ධයන්ට පමණක් හිමි පූජනීය නගරයක් ලෙස නොසැලකිය යුතු බවත්, එය මුළු තෙරවාදී බෞද්ධ ලෝකයටම ආගමික වැදගත්කමක් ඇති ස්ථානයක් බවත් ඔහු පැවසීය.
අනෙකුත් ප්රධාන ආගමික ස්ථාන සමඟ සංසන්දනය කරමින් රනිල් වික්රමසිංහ සඳහන් කළේ, වතිකානුව, ජෙරුසලම සහ මෙක්කාව අනෙකුත් ආගම්වල අනුගාමිකයන්ට පූජනීය වන්නා සේම, තෙරවාදී බෞද්ධයන්ට අනුරාධපුරයද විශේෂ ස්ථානයක් ගන්නා බවයි.
තායිලන්තය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම ඇතුළුව බෞද්ධ බහුතරයක් වෙසෙන රටවල් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට තමන් මීට පෙර දැරූ උත්සාහයන් සිහිපත් කරමින්, ‘ථේරවාදී ආර්ථිකයක්’ ගොඩනැගීමේ ඉල්ලීම හිටපු ජනාධිපතිවරයා මෙහිදී නැවතත් ඉදිරිපත් කළේය.
ඉන්දියාවේ පැවැති තෙවැනි බෞද්ධ සංගායනාවෙන් පසු දේවානම්පියතිස්ස රජ සමයේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ ශ්රී ලංකාවේ ථේරවාදී බුදුදහමේ ආරම්භය සිදු වූ ආකාරය රනිල් වික්රමසිංහ මෙහිදී සිහිපත් කළේය.
ඉන් අනතුරුව තායිලන්තයට සහ කාම්බෝජයට ථේරවාදී ධර්මය ව්යාප්ත කිරීමට ශ්රී ලාංකේය භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකළ අතර, සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවැති ආගමික හුවමාරුව බෞද්ධ සම්ප්රදායන් සුරැකීමට සහ පුනරුත්ථාපනය කිරීමට උපකාරී වූ බව ඔහු පැවසීය.
බුදුදහම පිළිබඳ ආණ්ඩුක්රම ව්යවස්ථාපිත තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් රනිල් වික්රමසිංහ පැවසුවේ, ආගමික නිදහස තහවුරු කරන අතරම බුදුදහම සුරැකීමේ වැදගත්කම ශ්රී ලංකාව සහ තායිලන්තය යන රටවල් දෙකම පිළිගන්නා බවයි.
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් බුද්ධාගමට ප්රමුඛස්ථානය ලබා දී ඇති බව පෙන්වාදුන් ඔහු, වෙනස්කොට සැලකීමකින් තොරව තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස සෑම පුරවැසියෙකුටම තිබිය යුතු බව අවධාරණය කළේය.
ඉන්දියාවේ බුද්ධගයා පූජනීය භූමිය සම්බන්ධයෙන් අනගාරික ධර්මපාලතුමා දැරූ උත්සාහයන් සඳහා පස්වැනි රාමා රජු ලබාදුන් දායකත්වය ඇතුළුව බුදුදහම වෙනුවෙන් තායිලන්තය ලබාදුන් ඓතිහාසික සහයෝගයද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
මහා සෑයේ කොත ප්රතිසංස්කරණය කර නාවරණය කිරීම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් තායිලන්ත ජනතාවට සහ මෙරටට පැමිණ සිටි තායිලන්ත නියෝජ්ය අග්රාමාත්යවරයාට රනිල් වික්රමසිංහ ස්තූතිය පුද කළේය.
මෙම පින්කමේදී රැස්කර ගත් සියලු ආගමික පින්සූදූ තායිලන්තයේ රජතුමාට සහ තායි ජනතාවට අනුමෝදන් වේවායි ප්රාර්ථනා කරමින් ඔහු සිය කතාව අවසන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart