
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සහ ගෑස් ආනයනයේදී මතුවිය හැකි අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අසර්බයිජානය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්රී ලංකාව සූදානම් වේ. මීට අදාළ මූලික සාකච්ඡා පසුගියදා එරට සංචාරයක නිරත වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් විසින් අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් සහ සම්පූර්ණයෙන් රජයේ පාලනය යටතේ ක්රියාත්මක එරට රාජ්ය තෙල් සමාගමේ (SOCAR – State Oil Company of the Azerbaijan Republic) සභාපති රොව්ෂාන් නජාෆ් සමඟ පවත්වා ඇත.
තෙල් සහ ගෑස් සැපයුමට අමතරව ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්රයේ සෙසු ආයෝජන අවස්ථා සම්බන්ධයෙන්ද මේ සාකච්ඡාවලදී අවධානය යොමු කර තිබේ.
ආසියාවේ අන්තර් ක්රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැඟීමේ පියවර පිළිබඳ 7 වැනි සමුළුවට (CICA – Conference on Interaction and Confidence-Building Measures in Asia) මෙරට විදේශ කටයුතු ඇමැතිවරයා අසර්බයිජානයේ බාකු නුවරදී පසුගිය 14 සහ 15 දෙදින සහභාගි විය. ඒ සමුළුවේ 2026 – 2028 සභාපති ධුරය දරන්නේද අසර්බයිජානයයි.
විජිත හේරත් ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් අසර්බයිජාන් රාජ්ය තෙල් සමාගමේ වෙබ් අඩවියේ දක්වා ඇත්තේ බලශක්ති ක්ෂේත්රයේදී සමාගම සහ ශ්රී ලාංකික සමාගම් අතර සහයෝගිතාව වර්ධනය කරගැනීම සහ ඊට අදාළ කරුණු කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බවයි. 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ අසර්බයිජානයේ සමස්ත තෙල් නිෂ්පාදනය ටොන් මිලියන 19.9ක් බව එරට බලශක්ති අමාත්යාංශ වාර්තා පෙන්වා දෙයි. රාජ්ය තෙල් සමාගම එයින් ටොන් මිලියන 5.1ක් නිෂ්පාදනය කර තිබේ.
අසර්බයිජාන බලශක්ති අමාත්යාංශයේ රාජ්ය සංඛ්යාලේඛන කමිටු වාර්තාවලට අනුව, 2026 වසරේ මුල් මාස 9 තුළ එරට ස්වාභාවික ගෑස් නිෂ්පාදනය කියුබික් මීටර් බිලියන 37.9කි. එරට තුන්වැනි ස්වාභාවික ගෑස් නිෂ්පාදකයා වන්නේද රාජ්ය තෙල් සමාගමයි. ඉතාලිය, තුර්කිය, රුසියාව, ග්රීසිය යන රටවල්වලට ඔවුන් වැඩියෙන්ම තෙල් සහ ගෑස් අපනයනය කරන අතර, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවට පමණක් දැනට අසර්බයිජානය තෙල් සහ ගෑස් අලෙවි කරයි.
(උපුටාගැනීම – සිළුමිණ පුවත්පත)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart