
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාවේ වන අලි පරපුරේ දැවැන්තයකු වූ කාවන්තිස්ස ඇතාගේ වියෝව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය බලවත් සංවේගය පළකර තිබේ.
සිය නිල සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, මහ වනාන්තරයේ රජු වූ මෙම මහා ප්රාණියාව අවසන් වරට වනාන්තරය විසින්ම සිය හදවතට තුරුළු කරගන්නට ඇති බවයි.
ලංකා ඉතිහාසය පුරාවට ඇතුන් ඉටුකළ අමිල මෙහෙවර සහ සංස්කෘතික බැඳීම සිහිපත් කරන හිටපු ජනාධිපතිවරයා, මහාවංශයේ පිටු අතර පවා මෙම මහා සත්ත්වයා නියෝජනය වන බව පෙන්වාදෙයි.
රාජාභිෂේකයන්හි මෙන්ම ඓතිහාසික රණබිම තුළ පවා ඇතා නියෝජනය වූ බවත්, රාජ්යත්වය නියෝජනය කළ කඩොල් ඇතා එදා රජකුට සම වූ බවත් ඔහු සඳහන් කරයි.
බුදු දහමට අනුව ඇතා යනු බෝධිසත්ව පාරමිතාවන් නියෝජනය කළ සත්ත්වයකු වන අතර, ඇත් පිය සටහන ඇසුරෙන් දේශීය නර්තන කලාවේ ‘ගජගා වන්නම’ නිර්මාණය වූ බවද මහින්ද රාජපක්ෂ සිහිපත් කර දෙයි.
“අපගේ සංස්කෘතිය තුළ ඇතෙකු යනු ඉතිහාසය, ආගම, කලාව සහ ජනජීවිතය සමඟ මුසු වූ ජීවමාන සංකේතයකි. පිදුම් ලබන්නෙකි. මඟුල් ලකුණකි. රැකිය යුත්තෙකි,” යනුවෙන් අවධාරණය කරන හිටපු ජනාධිපතිවරයා, අභිමානය, ශක්තිය, ඉවසීම මෙන්ම කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිතව මව්බිම හැඩ කළ අප ඇත් පරපුරේ මහ ඇතුට සුබ ගමන් යැයි පවසමින් සිය අවසාන ප්රණාමය පුදකර සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart