
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවල විවෘත විශ්වවිද්යාලය ඉදිරිපිට පිහිටි පදික මාරුව මතදී සිදුවූ දරුණු රිය අනතුරකින් එම විශ්වවිද්යාලයේ හදාරමින් සිටි 23 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මිරිහාන මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ මීරිගම, පල්ලෙවෙල ප්රදේශයේ පදිංචිව සිටි සසුනි දුවානි නමැති සිසුවියකි.
දහවල් කාලයේදී නාවල හන්දිය දෙස සිට නුගේගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ ජීප් රථයක්, පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටි මෙම සිසුවියට ඉඩ ලබාදීම සඳහා රථය නවත්වා තිබේ.
ඒ මොහොතේම එම දෙසින්ම පැමිණි ටයිල් පටවාගත් ඩබල් කැබ් රථයක්, නවත්වා තිබූ ජීප් රථයේ පිටුපස ගැටී ඇත.
එම ප්රබල ගැටීමත් සමඟ නවතා තිබූ ජීප් රථය ඉදිරියට ඇදීගොස් පදික මාරුව මත ගමන්කරමින් සිටි සිසුවියගේ ගැටී තිබේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇයව වහාම කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
නවත්වා තිබූ ජීප් රථයේ පිටුපසින් පැමිණි ඩබල් කැබ් රථය ගැටීමට සැලැස්වීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ ටයිල් පටවාගෙන පැමිණි ඩබල් කැබ් රථයේ රියැදුරු මෙන්ම ජීප් රථයේ රියැදුරු ද මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය සිසුවියගේ මරණ පරීක්ෂණය ඊයේ (16දා) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී හදිසි මරණ පරීක්ෂක ජානක කොඩිකාර මහතා හමුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart