
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ චෝදනා සහ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කරනු ලබන භික්ෂූන් උදෙසා බන්ධනාගාර තුළ වෙනමම සිරමැදිරි පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්යතාව මල්වතු පාර්ශ්වයේ මහා නායක, අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ පෙන්වාදෙති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, මල්වතු මහා විහාරයේදී උන්වහන්සේ බැහැදැකීමට පැමිණි බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්යක්ෂ) සේනක පල්ලේතැන්න ඇතුළු ජ්යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් පිරිස හමුවේ අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියෝ, සිරකරුවන් උදෙසා නව බන්ධනාගාර ඉදිකිරීම වෙනුවට පුද්ගලයන් වැරදිවලට පෙළඹී බන්ධනාගාරගත වීම වළක්වාලන දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත වූ විට වෙනම ස්ථානයක රඳවාතැබීමට පෙර පැවති ආණ්ඩු යටතේ ඉදිරිපත් වූ යෝජනාව ඉතා සුදුසු එකක් බවත්, එය වහා ක්රියාත්මක කරන්නේ නම් යෝග්ය බවත් උන්වහන්සේ වදාරා සිටියහ.
එසේම, මහනුවර ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය යළිත් රැඳවියන් රඳවන ස්ථානයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් සිය අප්රසාදය පළකළ උන්වහන්සේ, එම පැරණි ගොඩනැඟිල්ලෙන් සිරකරුවන් ඉවත්කර දේශීය අත්කම් භාණ්ඩ ප්රදර්ශන මධ්යස්ථානයක් වැනි රටට ප්රයෝජනවත් සංවර්ධන කටයුත්තකට යොදවන ලෙස ද යෝජනා කළහ.
මල්වතු මහ නාහිමියන් නැගූ කරුණුවලට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්යක්ෂ) සේනක පල්ලේතැන්න සඳහන් කළේ, බෝගම්බර බන්ධනාගාරය යළි භාවිතයට ගත්තේ පවතින අධික තදබදයට තාවකාලික විසඳුමක් ලෙස පමණක් බවත්, දැනට එහි රඳවාසිටින්නේ රැඳවියන් 130 කට ආසන්න සංඛ්යාවක් පමණක් බවත්ය. ඉදිරියේදී එම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර පිළිබඳව ද නිලධාරීහු මෙහිදී කරුණු පැහැදිලි කළහ.
ඒ අනුව, බන්ධනාගාරවල සිටින වැඩි පිරිසක් මත්ද්රව්ය වැරදිවලට සම්බන්ධවූවන් බැවින්, තදබදයට විසඳුමක් ලෙස සුදුසු වැරදිකරුවන් තමන්ගේම නිවාසවල රඳවාතැබීමේ විශේෂ වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුව තිබේ.
වැරදි සිදුකරන්නන් බන්ධනාගාරගත වීම පාලනය සඳහා නීතිමය හා තාක්ෂණික ක්රමවේද සකස් වෙමින් පවතී.
එසේම අලුතින් බන්ධනාගාර ඉදිකිරීම වෙනුවට පවතින බන්ධනාගාරවල පහසුකම් ප්රසාරණය කරමින්, තදබදය වැඩි ස්ථානවල සිටින රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකිරීමට කටයුතු යොදනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart