October 17, 2026

වාහන ලියාපදිංචි කිරීමේදී වාහන හිමිකරුගේ නම අංක තහඩුවේ ප්‍රදර්ශනය කෙරෙන නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය සලකා බලමින් සිටී.

පාර්ලිමේන්තුව නිකුත් කළ නිල නිවේදනයකට අනුව, මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති පොදු ප්‍රවාහනය පිළිබඳ උපදේශක කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.

රජයේ ආදායම ඉහළ නැංවීම සහ වාහන හිමිකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම කෙරෙහි උපදේශක කාරක සභාවේ අවධානය යොමුව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, වාහන හිමිකරුගේ නම ඇතුළත් පෞද්ගලීකරණය කළ අංක තහඩු නිකුත් කිරීමේ යෝජනාවක් සලකා බලා තිබේ.

මෙම ක්‍රමවේදය හඳුන්වාදීමේදී අදාළ නීතිමය විධිවිධාන සහ ආරක්ෂාව සම්බන්ධ කරුණු පිළිබඳවද කාරක සභා රැස්වීමේදී අවධාරණය කර ඇත.