October 16, 2026

රෝගීවී අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා තායිලන්තයේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

දැනටමත් මෙරට වනජීවී පශු වෛද්‍යවරුන් විසින් ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් පවතින අතර, තායිලන්ත විශේෂඥයන්ගේ සහාය ද ඇතිව ප්‍රතිකාර සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ඇතා සම්පූර්ණයෙන්ම සුවපත් කරගැනීම මෙහි මූලික අරමුණයි.