October 16, 2026

‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත නීතිවිරෝධී ලෙස මාරුකළ බවට එල්ල වූ චෝදනාව මත ශිරන්ති රාජපක්ෂ පසුගියදා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.