
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි ජාත්යන්තර ගුවන්තොටුපළේදී තම සුරතල් බළලා අස්ථානගත වීමෙන් පසු, පැය 28ක් පුරා දැඩි පරිශ්රමයකින් යුතුව තම සුරතලා සොයා ගිය බව පවසන අවිෂ්කා කෞමාඩි නම් ශ්රී ලාංකික තරුණියකගේ සංවේදී ඉල්ලීමක් මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ගුවන්තොටුපළේ භාණ්ඩ හා බඩු බාහිරාදිය ගබඩා කර ඇති ප්රදේශය පුරා සෙවීම් සිදුකරමින් සහ තම සුරතල් සත්වයා නොමැතිව එම ස්ථානයෙන් ඉවත්වීම ප්රතික්ෂේප කළද, ඇයට අවසානයේ තම බළලාට සිදු වූයේ කුමක්දැයි කිසිදු තොරතුරක් නොමැතිව ශ්රී ලංකාවට ආපසු පැමිණීමට සිදුව තිබේ.
ඩුබායි හි සිටින සියලුම ශ්රී ලාංකික සත්ව ලෝලීන්ගෙන් සහ විශේෂයෙන්ම ඩුබායි ජාත්යන්තර ගුවන්තොටුපළේ සේවය කරන පිරිස්ගෙන් මෙම අවස්ථාවේදී උදව් උපකාර ඉල්ලා සිටියි.
ඇය ඉල්ලා සිටින්නේ ඇගේ පණිවිඩය දකින ගුවන්තොටුපළ මෙහෙයුම්, භාණ්ඩ හැසිරවීම, ගොඩබිම් සේවා හෝ ඊට අදාළ වෙනත් අංශයක සේවය කරන අයෙකු සිටින්නේ නම්, කරුණාකර මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස සහ අස්ථානගත වූ බළලා සොයා ගැනීමට උපකාරී වන කිසියම් තොරතුරක් වෙතොත් එය බෙදාගන්නා ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart