
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්රව්ය ජාවාරම් මගින් උපයාගන්නා ලදැයි සැකකෙරෙන රුපියල් මිලියන 85කට අධික වටිනාකමකින් යුතු මුදල් සහ දේපොළ තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ මෙලෙස තහනමට ලක්වූ වත්කම් අතර රුපියල් මිලියන 15ක මුදලක් සහ යාපනය, මදගල් ප්රදේශයේ පිහිටි රුපියල් මිලියන 70කට වඩා වටිනා දෙමහල් නිවසක් ද වන බවයි.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ 2023 අගෝස්තු 31 වන දින විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 15ක මුදලක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් පස්දෙනෙකු සහ ලොරි රථයක් අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා කෝපායි පොලිසියට භාරදීමේ සිද්ධියත් සමඟයි.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මදගල් ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුවෙකු විසින් මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මෙම දෙමහල් නිවස ඉදිකර ඇති බවයි.
අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 15ක මුදල දැනට යාපනය මහේස්ත්රාත් අධිකරණයේ භාරයේ පවතී. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ක්රියාත්මක වෙමින්, 2026 ඔක්තෝබර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා මෙම මුදල් සහ දේපොළ තහනම් කිරීමට නියෝග නිකුත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart