October 16, 2026

රෝගී තත්වයෙන් පසුවන කාවන්තිස්ස හස්තියා මේ වන විට තඹුත්තේගම ගල්නෑව මාර්ගය ආසන්නයේ කුඹුරක ඇදවැටී ඇති බව වාර්තා වේ.

හස්තියාගේ තත්වය යහපත් නොවන බව ප්‍රදේශවාසීහු පවසති.

වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඩ්‍රෝන යානා යොදාගනිමින් මෙම හස්තියාව නිරීක්ෂණය කරන බවයි.

එහෙත් මේ මොහොතේ විට හස්තියාට කිසිදු ප්‍රතිකාර ලබාදීමක් සිදු නොවන බවද, හස්තියා ආසන්නයේ වනජීවී නිලධාරීන් නොමැති බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.