October 15, 2026

වාහන සඳහා අන්තර්ජාල දැන්වීම් පළ කර දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන, එහෙත් කිසිදු දැන්වීමක් පළ නොකර වංචා කිරීමේ චෝදනා මත, හෝමාගම, මාවත්ගම ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාවතගම පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ෆේස්බුක් ගිණුමක් භාවිතා කරමින් පුද්ගලයින්ව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන, ඔවුන්ගේ වාහන අන්තර්ජාලය හරහා විකිණීම සඳහා දැන්වීම් පළ කර දීමට පොරොන්දු වී ඇතැයි විමර්ශකයින් චෝදනා කරයි.

විමර්ශනවලට අනුව, සැකකරු එක් සතියක දැන්වීමක් සඳහා රු. 5,000ක් ද, සති දෙකක දැන්වීමක් සඳහා රු. 10,000ක් ද, මාසයක ප්‍රවර්ධන කටයුත්තක් සඳහා රු. 15,000ක් ද අය කර ඇත.

කෙසේ වෙතත්, පාරිභෝගිකයින්ගෙන් මුදල් ලබා ගැනීමෙන් පසු, පොරොන්දු වූ පරිදි දැන්වීම් පළ කිරීමට සැකකරු අපොහොසත් වී ඇති බවත්, එම මුදල් ඔහු විසින් අනිසි ලෙස පරිහරණය කර ඇති බවත් පොලිසිය චෝදනා කරයි.

අපරාධමය අයුරින් මුදල් අනිසි ලෙස පරිහරණය කිරීම, විශ්වාසය කඩ කිරීම සහ වෙනත් අයෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සැකකරු පිළිබඳව විමර්ශන සිදු කෙරෙමින් පවතී.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.