
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ශ්රී ලංකා නාවික හමුදාවේ සේවය කළ කාලය තුළ වැටුප් වශයෙන් රුපියල් 5,150,626 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව කොළඹ මහාධිකරණයට අද දැනුම් දී තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දුන් නාවික හමුදා නිලධාරියෙකු විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
මෙම මුදල යෝෂිත රාජපක්ෂගේ සේවා කාලය තුළ ලබා දුන් මූලික වැටුප් ගෙවීම් පමණක් බවත්, ඊට වෙනත් කිසිදු අතිරේක දීමනාවක් ඇතුළත් නොවන බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.
කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩුවේ සාක්ෂි විභාගයේ කොටසක් ලෙස මෙම තොරතුරු ඉදිරිපත් කෙරිණි.
නඩු විභාගය තවදුරටත් පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart