October 14, 2026

රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන, ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික රෝහලේ උසස් නිලධාරියෙකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සඳහා ඉදිරි තක්සේරු සිදුකිරීම වෙනුවෙන් එම තීරණය ගත් බවයි.

ශිරන්ති රාජපක්ෂ ලබන16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, රුපියල් මිලියන 10 ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීය.