
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙළඳපොළ පසුබෑම සහ විදේශීය ආයෝජකයින් දිගින් දිගටම කොටස් අලෙවි කිරීම හමුවේ වුවද, ඉන්දියානු කොටස් අන්යෝන්ය අරමුදල් වෙත ගලා ආ ආයෝජන සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 383.07ක් දක්වා මාස 5ක ඉහළම අගයකට පැමිණ තිබේ.
ඒ අනුව, ඉන්දියානු කොටස් අරමුදල් වෙත නොකඩවා ශුද්ධ ආයෝජන ගලා ආ 67 වැනි මාසය ලෙස මෙය වාර්තාගත වන අතර, ගෝලීය වෙළඳපොළ උච්චාවචනයන් හමුවේ ඉන්දියානු කොටස් වෙළඳපොළ ආරක්ෂා කර ගැනීමට දේශීය ආයෝජන විශාල පිටුවහලක් වී ඇත.
ඉන්දියානු අන්යෝන්ය අරමුදල් සංගමය නිකුත් කළ දත්තවලට අනුව, අගෝස්තු මාසය සමග සසඳන විට සැප්තැම්බර් මාසයේ මුළු ආයෝජන ගලා ඒම 31%කින් ඉහළ ගොස් තිබේ.
එහිදී මධ්ය සහ කුඩා සමාගම් අරමුදල් පිළිවෙලින් රුපියල් බිලියන 78.45ක් සහ රුපියල් බිලියන 90.39ක් ලෙස 12%ක සහ 13%ක වාර්තාගත වර්ධනයක් අත්කරගෙන ඇත.
ක්රමවත් ආයෝජන සැලසුම් හරහා සිල්ලර ආයෝජකයින් සිදු කළ දායකත්වය 0.6%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 324.90ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.39) වාර්තාගත අගයකට පැමිණ ඇත.
සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.75ක විදේශීය ආයෝජන ඉවත් කරගැනීම හමුවේ වෙළඳපොළ ස්ථාවරව තබා ගැනීමට මෙම දේශීය ආයෝජන බෙහෙවින් උපකාරී වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart