
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණියහ.
ඒ, රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට’ සහාය දැක්වීම සඳහාය.
මෙම සංචාරයේදී ක්‍රිකට් ක්‍රීඩකයෝ රෝහලේ හෘද රෝග වාට්ටුවේ සහ හෘද උරස් වාට්ටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය මෙම සංචාරයට එක්වී තිබේ.
ඔවුන්ව පිළිගනු ලැබුවේ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සහ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ විසිනි.
‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියේ’ දැනට කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් ක්‍රීඩකයන්ව දැනුවත් කිරීම ද සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතිය’ සඳහා රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart