
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය බලයේ සිටින කයිබර් පක්තුන්ක්වා ප්රදේශයට ෆෙඩරල් රජය විසින් හදිසි නීතිය සහ ආණ්ඩුකාර පාලනය පැනවීමට එරෙහිව හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ගේ පුත් කසීම් ඛාන් සිය දැඩි විරෝධය පළ කර තිබේ.
තවත් හමුදා මෙහෙයුමක් සාධාරණීකරණය කිරීම සඳහා හමුදාපති අසීම් මුනීර් ත්රස්තවාදය පෙන්නුම් කරන බවට චෝදනා කළ කසීම්, පාකිස්තානය අයිති එහි ජනතාවට මිස හමුදාවට නොවන බව අවධාරණය කළේය.
X සටහනක් තබමින් මෙම අර්බුදය පිළිබඳ අදහස් දැක්වූ කසීම් ඛාන්, ෆෙඩරල් රජයේ මෙම ක්රියාමාර්ගය හමුදාපති අසීම් මුනීර්ගේ නායකත්වයේ පවතින දුර්වලතා වසා ගැනීමට දැරූ නිරර්ථක උත්සාහයක් බව සඳහන් කළේය.
“මගේ පියා නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තාන ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වන විට, අසීම් මුනීර්ගේ පාලන තන්ත්රය මගේ පියාගේ ප්රධාන දේශපාලන බලකොටුව වන කයිබර් පක්තුන්ක්වා හි හදිසි නීතිය පනවා තිබෙනවා. බලුකිස්ථානය හෝ අසාද් කාශ්මීරය පාලනය කර ගැනීමට අපොහොසත් වූ මුනීර්, පැෂ්ටූන් ප්රදේශවල තවත් හමුදා මෙහෙයුමක් සාධාරණීකරණය කිරීමට නැවතත් ත්රස්තවාදය පාවිච්චි කරනවා. බලයේ රැඳී සිටීමේ උත්සාහයක් ලෙස ඔවුන් නැවත වතාවක් මිනිස් ජීවිත බිලිදෙමින් සිටිනවා,” යනුවෙන් කසීම් එහි සටහන් කර තිබිණි.
පනවන ලද මෙම ක්රියාමාර්ග වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටි කසීම්, කයිබර් පක්තුන්ක්වා හි ප්රජාතන්ත්රවාදී ජනවරම නැවත පිහිටුවන ලෙසත්, අත්අඩංගුවේ පසුවන දේශපාලන නායකයින් නිදහස් කරන ලෙසත් බලකර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart