
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තාක්ෂණික දෝෂ සහිත සහ බාල මට්ටමේ ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 15.765 ක සමස්ත මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ බාල ගල්අඟුරු භාවිතය නිසා අහිමි වූ මෙගාවොට් පැය ප්‍රමාණය යථාතත්ත්වයට පත්කර ගැනීම සඳහා විකල්ප මාර්ගවලින් විදුලිය මිලදී ගැනීමට රුපියල් බිලියන 8.571 ක මුදලක් වැය කර ඇති බවයි.
මීට අමතරව, බාල ගල්අඟුරු සැපයුමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අතිරේක ගල්අඟුරු තොග පවත්වාගෙන යාම, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සහ මෙහෙයුම් ගාස්තු සඳහා ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (පුද්ගලික) සමාගම රුපියල් බිලියන 7.912 ක අතිරේක පිරිවැයක් දරා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
අමාත්‍යවරයාට අනුව, මෙම සිද්ධියට අදාළව රුපියල් බිලියන 16.989 ක දඩ මුදල් පැනවීම සහ කාර්යසාධන ඇපකර අත්හිටුවීම රජය විසින් සිදුකර ඇත. කෙසේ වෙතත්, බාල ගල්අඟුරු නිසා සිදුවූ සමස්ත මුල්‍ය හානිය රුපියල් බිලියන 15.765 ක් ලෙස තක්සේරු කර තිබේ.
මෙම බාල ගල්අඟුරු භාවිතය නිසා ඇතිවූ මූල්‍ය බර කිසිසේත්ම විදුලි පාරිභෝගිකයන් මත පටවන්නේ නැති බවට රජය සහතික වන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart