
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කරමින් සිටියදී වැඩතහනමකට ලක්ව සිටි කෝසල සේනාධීර වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
විධිමත් පරීක්ෂණයකින් අනතුරුව, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර ඇති අතර, ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අනුයුක්ත කර තිබේ. එමෙන්ම, වැඩතහනම් කර තිබූ කාලසීමාව සඳහා වන හිඟ වැටුප් ද ඔහුට හිමිවනු ඇත.
සිය නිල නිවස සඳහා නීතිවිරෝධී ලෙස විදුලිය සහ ජලය ලබාගත් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් 2024 ජූලි 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබුණි.
අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පවත්වන ලද මෙම පරීක්ෂණය මාස 27 ක කාලයක් පුරා පැවැති අතර, එහිදී සාක්ෂිකරුවන් 20 දෙනෙකුට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත. කෝසල සේනාධීර අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ සිටින ජ්‍යෙෂ්ඨතම මහේස්ත්‍රාත්වරයා ද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart