
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජූනි මාසයේදී රුසියානු හමුදාවට එරෙහිව කැරැල්ලකට නායකත්වය දුන් අතුරු හමුදාව හෙවත් ‘වැග්නර් කණ්ඩායමේ’ ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් ඊයේ මොස්කව් නගරයෙන් පිටත කඩා වැටුණු ගුවන් යානයක සිටි බව රුසියානු බලධාරීන් තහවුරු කර තිබේ.
වැග්නර් ප්‍රධානියා යුක්රේන යුද්ධය හමුවේ හදිසියේ සිය පාර්ශ්වය වෙනස් කරමින් රුසියානු හමුදාවට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් රුසියානු නායක ව්ලද්මීර් පුටින්ගේ කෝපයට ලක්ව සිටි පුද්ගලයෙකි.
රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසා ඇත්තේ යානයේ සිටි පුද්ගලයින් 10 දෙනාම මිය ගිය බවයි.
අමාත්‍යාංශය නිවේදනය කළේ “මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික Embraer Legacy 600 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටුණු” බවයි.
කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු එහි සිටි බව එහි සඳහන් වේ. බලධාරීන්ට අනුව, මළ සිරුරු අටක් සොයාගෙන ඇත.
රුසියාවේ ගුවන් ප්‍රවාහනය සඳහා වූ ෆෙඩරල් ඒජන්සිය ද කියාසිටියේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා “විශේෂයෙන් නිර්මාණය කරන ලද කොමිසමක්” දියත් කළ බවයි.
රුසියානු ජනාධිපතිවරයාට එරෙහිවන පුද්ගලයන් බෙහෝවිට හදිසි අනතුරුවලට ලක්වන බවට බටහිර රටවල් චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart