
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍ය සාකච්ජාකදී මුස්ලිම් ජනයාට අපහාසයක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව සිරදඬුවම් නියම කර තිබෙන බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද(1) වරෙන්තු නිකුත් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් සිරදඬුවම සම්බන්ධයෙන් ඥානසාර භික්ෂුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනායක් ගොනුකර තිබිණි.
එම අභියාචනාය සම්බන්ධයෙන් මහාධිකරණය මගින් ලබාදුන් තීන්දුව අද (1) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කියවා දීමට නියමව තිබිණි.
එහෙත් අද දින ඥානසාර භික්ෂුව අධිකරණයේ පෙනීනොසිටි අතර නීතීඥවරයා පවසා සිටියේ අසනීප තත්ත්වය නිසා ‘බෙඩ් රෙස්ට්’ කිරීමට තිබෙන නිසා අද දින පැමිණිමට නොහැකි වු බවයි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකාර භික්ෂුවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළේය.
ඇපකරුවන්ටද නොතීසි නිකුත් කෙරිණි.
සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 5 දින යළි කැඳවිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් 2025/1/9 වැනි දින මාස 9ක සිරදඬුවමක් පනවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart