
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව, පසුව එරට බලධාරීන්ගේ භාරයෙන් මිදී ශ්‍රී ලංකාවට පළා ආ සැකකරුවකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වාද්දුව ප්‍රදේශයේ කුලියට ගත් නිවසක සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
වාද්දුව ප්‍රදේශයේ කුලී නිවසක වරෙන්තුකරුවකු සැඟව සිටින බවට ලද තොරතුරක් මත පදනම්ව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පළායෑම සම්බන්ධයෙන් 2024 වසරේදී නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටියේය.
ප්‍රශ්න කිරීම්වලදී සැකකරු අනාවරණය කර ඇත්තේ, 2024 වසරේදී ‘වැල්ලේ සාරංග’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය තොගයක් ලබා ගැනීම සඳහා තවත් කිහිපදෙනෙකු සමඟ බෝට්ටුවකින් ඉන්දීය මුහුදු සීමාවට ගිය බවයි.
මාලදිවයින ආසන්න මුහුදේදී වෙනත් බෝට්ටුවකින් කිලෝග්‍රෑම් 337ක පමණ මත්ද්‍රව්‍ය තොගයක් තමන් වෙත ලැබුණු බව ඔහු පවසා තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවට ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්දීය නාවික හමුදාව විසින් ඔහු ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ කොචින් නුවර අධිකරණයකට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටියදී තමන්ට පළායෑමට හැකිවූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අධිකරණ භූමියෙන් පළායෑමෙන් පසු, ඔහු බයිසිකලයක් සොරාගෙන කොචින් සිට තමිල්නාඩුව දක්වා කිලෝමීටර 900ක පමණ දුරක් දින නවයක් පුරා ගමන් කර ඇත.
තමිල්නාඩුවේ ධීවර වරායක් දැකීමෙන් පසු, ඔහු එම වරායට ඇතුළු වී බෝට්ටු නවයකින් ඉන්ධන සොරාගෙන, ඉන් එක් බෝට්ටුවකින් එතැනින් පිටත්ව නැවතත් මුහුදට ගොස් තිබේ.
මුහුදේ සිටියදී ඉන්දීය ධීවර බෝට්ටුවක් හමු වූ බවත්, ශ්‍රී ලංකාවට ළඟාවන්නේ කෙසේදැයි තමන් එම ධීවරයින්ගෙන් විමසූ බවත් සැකකරු පවසා ඇත. එම ධීවරයන් තමන්ට ගමන් කළ යුතු දිශාව පෙන්වාදුන් බව ද ඔහු පවසා තිබේ.
විමර්ශකයන්ට අනුව, සැකකරු ‘ඉර පෙනෙන’ දිශාව ඔස්සේ දිශානතිය තීරණය කරමින් දින තුනක් පුරා ගමන් කළර ඇත.
පසුව තමන්ට ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් හමු වූ බවත්, ඔවුන් සමඟ වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණි බවත් ඔහු පොලිසියට පවසා ඇත.
අසනීප වීමෙන් පසුව ඔහු මීගමුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ.
සැකකරුගේ ප්‍රකාශයට අනුව, පසුව පොලිසිය රෝහලට පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහුව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මාස තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් පසුව, නඩුවට අදාළ කටයුතු සඳහා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී තමන් නැවතත් පලා ගිය බව සැකකරු අනාවරණය කර තිබේ.
ඉන්ටර්පෝල් (Interpol) මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට (Red Notice) අනුව මෙම සැකකරු ඉදිරියේදී ඉන්දීය බලධාරීන්ට භාරදීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart