
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට තුර්කි ගුවන් සමාගම එකඟ වී තිබේ.
හංගේරියාවේ පැවති ‘World Athletics Ultimate Championship’ තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී සිය ක්‍රීඩා උපකරණ (හෙල්ල පහක්) හානියට පත්ව තිබූ බව වාර්තා විය.
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා සිවිල් ගුවන් සේවා අධිකාරි පරිශ්‍රයේ පැවති රැස්වීමකදී මෙම කාරණය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙරට බලධාරීන් සහ තුර්කි සමාගමේ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.
අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම හමුවේදී තුර්කි ගුවන් සේවයේ නියෝජිතයින් විසින් රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර තිබේ.
අදාළ හානියේ ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර විමර්ශන සිදු කිරීමට ගුවන් සේවය කටයුතු කරන බවට මෙම හමුවේදී එකඟතාවක් ඇති කර ගැනිණි.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අනුව, සිදුවූ හානිය වෙනුවෙන් රුමේෂ් තරංගට වන්දි ලබා දීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ද තුර්කි ගුවන් සේවය එකඟ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart