
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුලත්කොහුපිටිය, දෙඩූගල ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී සිටි වැඩුණු අලුත් දිවි පැටවකු වනජීවී නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකින් පසුව සුරක්ෂිතව අල්ලාගෙන ඇත.
අදාළ ප්‍රදේශයේ නිවසකට දිවියෙකු ඇතුළු වී සිටින බවට බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව සැප්තැම්බර් 15 වැනි දින මෙම මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබේ.
වනජීවී පශු වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් සත්වයා බේරාගැනීමෙන් අනතුරුව නැවත උගේ මව වෙත යොමුකිරීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ වී ඇත.
එබැවින් වැඩිදුර ප්‍රතිකාර සහ නිරීක්ෂණ කටයුතු සඳහා මෙම දිවියා සැප්තැම්බර් 16 වැනි දින රන්දෙනිගල වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබේ.
වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු ඇතුළු පිරිස මේ වන විට සත්වයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතර, සුදුසු නිරෝගී තත්ත්වයට පත්වීමෙන් පසු සත්වයාව සුදුසු ස්වාභාවික වාසස්ථානයකට මුදාහැරීමට කටයුතු යොදමින් සිටිති.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දිවියා දැඩි ලෙස සංරක්ෂිත සත්ව විශේෂයක් වන අතර, උන් වඳවී යෑමේ තර්ජනයට ලක්වූ සතුන් ලෙස සැලකේ.
මදු හෝ උගුල්වලට හසුවූ හෝ යම් ස්ථානයක සිරවී සිටින දිවියන් අසලට යෑමෙන් හෝ උන් තනිව බේරාගැනීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස වනජීවී නිලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
මෙවැනි සත්වයකු හමු වුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වී ආසන්නතම වනජීවී කාර්යාලය දැනුවත් කරන ලෙස හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1992 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස උපදෙස් දෙනු ලැබේ.
සත්වයා සුරක්ෂිතව බේරාගැනීමට උපදෙස් පිළිපදිමින් සහයෝගය දැක්වීම පිළිබඳව වනජීවී නිලධාරීන් නිවසේ හිමිකරුට සහ ප්‍රදේශවාසීන්ට සිය ප්‍රශංසාව පළකර ඇත.
මෙම මෙහෙයුම මා-ඉඹුල් කන්ද අඩවි වනජීවී කාර්යාලයේ අඩවි වනජීවී නිලධාරී සමන් පද්මසිරිගේ මෙහෙයවීමෙන් සිදුකර තිබේ.
බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි සහකාර W.A. උදිත් විදුරංග, K.P. උදය කරුණානායක සහ ක්ෂේත්‍ර සහකාර K.A.N. කළුආරච්චි, D.W. අනුර ජයතිස්ස යන මහත්වරු මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
රන්දෙනිගල වනජීවී පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය ඇතුළු කාර්ය මණ්ඩලය ද දිවියා බේරාගැනීමේ සහ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා සහාය දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart