
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරය වැඳපුදා ගැනීමට යෑම සඳහා දකුණු කළුතර දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරිනියන් දෙදෙනකු, දෙමටගොඩ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සේවා දුම්රියක හැපී ඊයේ (16) අලුයම 4.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ, විතාන ගමගේ රේණුකා දමයන්ති නමැති වයස අවුරුදු 58ක් වන මතුගම, මහ කළුපහන පදිංචි කාන්තාවක සහ දෙවේනි ගුරුගේ ශ්‍රියානි නමැති වයස අවුරුදු 53ක් වන අගලවත්ත, උඩවෙල පදිංචි කාන්ත්වකි.
ඔවුන් දෙදෙනාම සේරුපිටිය සිවිල් ආරක්ෂක හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අය වේ.
ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදාගෙන පූජාවක් පැවැත්වීම සඳහා මොවුන් ඊයේ අලුයම නිවෙස්වලින් පිටත්ව අවුත් තිබිණි.
මියගිය රේණුකා දමයන්තිගේ 16 හැවිරිදි දියණියද මෙම ගමනට එක්ව සිට ඇත.
මතුගම සිට බසයෙන් පැමිණ කළුතර දුර ගමන් සේවා බස් නැවතුමෙන් බැස, ක්‍රීඩාංගණය අසල මාර්ගය ඔස්සේ ගොස් දුම්රිය වේදිකාවට ගොඩවීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුවී තිබේ.
පළමුව දුම්රිය වේදිකාවට ගොඩවූ දියණිය, දුම්රියක් පැමිණෙනු දැක රේල් පාරේ සිටි අනෙක් දෙදෙනා උඩට ඇද ගැනීමට උත්සාහ කළද, ඊට පෙර වේගයෙන් පැමිණි දුම්රියේ ඔවුන් හැපී තිබේ.
මියගිය දෙදෙනාගේ සිරුරු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, කළුතර කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිලුක්ෂිණී ඉදිරියේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
කළුතර මූලස්ථාන පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(උපුටාගැනීම – දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart