
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව (Colombo Metro Bus Service) එළඹෙන සැප්තැම්බර් අග භාගයේ සිට තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
සුවපහසු සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවාවක් සපයමින්, සැලසුම් කර ඇති නව බස් රථ ජාලයේ මාර්ග සිතියම් ද අමාත්‍යවරයා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.
‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ (Lanka Metro Transit) සන්නාමය යටතේ නිකුත් කර ඇති මෙම සිතියම් මගින් කොළඹ ප්‍රධාන නගරය සහ තදාසන්න නගර මෙන්ම ප්‍රවාහන මධ්‍යස්ථාන යා කෙරෙන ප්‍රධාන බස් රථ සේවා 07 ක් හඳුන්වා දී ඇත. ඒ අනුව හඳුන්වා දීමට නියමිත නව බස් මාර්ග මෙසේය:
CM 01: මාකුඹුර සිට පිටකොටුව දක්වා
CM 02: මිලේනියම් සිටි සිට කොළඹ කොටුව දක්වා
CM 03: කඩවත සිට මාකුඹුර දක්වා
CM 04: දෙමටගොඩ සිට පානදූර දක්වා
CM 05: බත්තරමුල්ල සිට ඒකල දක්වා
CM 06: කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
CM 08: කහතුඩුව සිට පිටකොටුව / SLIIT දක්වා
මෙම සමස්ත ප්‍රවාහන ජාලය මගින් මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලබේ, දෙහිවල, මොරටුව සහ ජා-ඇල ඇතුළු ප්‍රධාන නගර රැසක් ආවරණය කෙරේ.
ප්‍රකාශයට පත් කරන ලද සිතියම් මගින් යෝජිත ප්‍රවාහන ජාලයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එක් එක් මාර්ගයේ ප්‍රධාන නැවැතුම්පොළවල් මෙන්ම සම්බන්ධ වන ප්‍රධාන මාර්ග පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් ලබා දී ඇත.
සැප්තැම්බර් අග භාගයේ සිට මෙම ප්‍රවාහන සේවා පුළුල් වන බව අමාත්‍යවරයා සඳහන් කළ ද, එම එක් එක් මාර්ගයේ බස් රථ ධාවනය ආරම්භ වන නිශ්චිත දිනයන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. එමෙන්ම, බස් රථ ධාවනය වන වාර ගණන, ගාස්තු හෝ කාලසටහන් පිළිබඳ තොරතුරු ද අදාළ සිතියම්වල දක්වා නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart