
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් ගණනාවක ‘ක්‍රේප් බැන්ඩේජ්’ (Crepe bandages) ඇතුළු අත්‍යවශ්‍ය සැත්කම් ද්‍රව්‍ය හිඟයක් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිටත ඖෂධසල්වලින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවීමෙන් රටේ වෛද්‍ය සැපයුම් පද්ධතිය පිළිබඳව බරපතල කනස්සල්ලක් මතුව තිබේ.
තුවාල සැරහුම් (wound dressing), ශල්‍යකර්මවලින් පසු තුවාල ආවරණය කිරීම සහ අස්ථි රෝග ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන බැන්ඩේජ් හිඟය හේතුවෙන් රෝගීන් විශාල දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මෙම හිඟයට මූලික හේතුව වී ඇති බවත්, අනුමත ඖෂධසල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දේශීයව මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට ඇති ප්‍රතිපාදන ඇතැම් රෝහල්වල නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් ඔහු පෙන්වාදෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් දැඩි පීඩාවට පත්ව ඇති අතර, විශේෂයෙන් පිටතින් ද්‍රව්‍ය මිලදී ගැනීමට කිසිවෙකු නොමැති තනි වූ රෝගීන් වඩාත් අසරණ වී ඇත. රෝහල් ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ගෙන් මෙවැනි මූලික සැත්කම් ද්‍රව්‍ය පිටතින් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ කෙසේදැයි වෛද්‍ය සංජීව මහතා ප්‍රශ්න කරයි.
එමෙන්ම 2027 වසර සඳහා වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද මේ වන විට ඇණහිට ඇති බව පවසන ඔහු, මෙම ප්‍රමාදය දිගින් දිගටම පැවතුණහොත් පසුගිය වසරවල ඇති වූ ආකාරයේම ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් නැවත මතුවිය හැකි බවට අනතුරු අඟවයි.
එබැවින් වහාම මැදිහත්වී ප්‍රසම්පාදන හා බෙදාහැරීමේ පද්ධතියේ පවතින මෙම දුර්වලතා නිරාකරණය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
2022 වසරේදී ආරම්භ වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය මෙතෙක් සම්පූර්ණයෙන්ම විසඳී නොමැති බවත්, අත්‍යවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය සැපයුම අඩාල වීම වැළැක්වීමට මෙරට සෞඛ්‍ය පද්ධතිය සුදානම්ද යන්න පිළිබඳව ගැටලු මතුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart