
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ 07, බාර්න්ස් පෙදෙසේ පිහිටි දේපළ දෙකකට අදාළව ව්‍යාජ දේපළ ඔප්පු සකස් කර මූල්‍ය වංචාවක් සිදුකිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දේපළවලට හිමි අරමුදල් අවභාවිත කිරීමේ අරමුණින් ව්‍යාජ ලේඛන සහ ඔප්පු සකස් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම විමර්ශන මත ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් අද (16) දිනයේ කළුතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු විසින් අධිකරණ කටයුතු කිහිපයකදීම මෙම ව්‍යාජ ඔප්පු ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ලෙස අදාළ දේපළ රුපියල් මිලියන 10 කට විකුණා ඇති අතර, එම මූල්‍ය ආදායම සම්පූර්ණයෙන්ම අවභාවිත කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart