
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෂාඩ් සිට ඉරානයේ කර්මන්ෂා බලා පියාසර කරමින් තිබූ සෙපෙහ්රාන් ගුවන් සේවයට (Sepehran Airlines) අයත් බොයින්ග් 737 (Boeing 737) වර්ගයේ ගුවන් යානයක්, ගුවන්ගත වී ස්වල්ප වේලාවකට පසු එහි ටයරයක් ගැලවී යාම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවී තිබේ.
මෂාඩ් ගුවන්තොටුපළින් ගුවන්ගත වී ස්වල්ප වේලාවකින් මෙම තාක්ෂණික දෝෂය මතුව ඇත. ටයරයක් ගැලවී යාම නිසා එන්ජිමේ දෝෂයක් හටගෙන ඇති අතර, ඒ හේතුවෙන් යානය තුළ දැඩි කම්පනයක් සහ සෙලවීමක් හටගෙන තිබේ.
ගුවන් යානය දැඩි ලෙස සෙලවීමට පටන් ගැනීමත් සමඟ, නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානය නැවත හරවා මෂාඩ් ගුවන්තොටුපළ වෙත පැමිණීමට කටයුතු කර ඇත. එහිදී කිසිදු අනතුරකින් තොරව යානය ආරක්ෂිතව ගොඩබැස්වීම සිදුකර තිබේ.
ගුවන් ගමන අතරතුර ඇති වූ මෙම දැඩි සෙලවීම හේතුවෙන් ගුවන් යානයේ අභ්‍යන්තර වහලයට සහ මගීන්ගේ භාණ්ඩවලට හානි සිදුවී ඇත. මගීන්ගේ බඩුබාහිරාදිය එම බහාලුම්වලින් බිමට වැටී ඇති අතර, ඇතැම් භාණ්ඩ යානය තුළ සිටි මගීන් මතටද පතිත වී තිබේ.
ගුවන් යානය බරපතල අනතුරකට මුහුණ දී ඇති බව සිතමින් මගීන් බියෙන් කෑකෝ ගසමින්, ඇඬූ කඳුළින් යාඥා කරන අයුරු දැක්වෙන දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සිදු වූ අතර, මෂාඩ් ගුවන්තොටුපළට යානය ආරක්ෂිතව ගොඩබෑම හේතුවෙන් කිසිදු මගියෙකුට තුවාල සිදුවී නොමැති බවත්, මෂාඩ් ගුවන්තොටුපළේදී මෙම ගුවන් සේවයට අයත් යානයක් මෑතකදී මුහුණදුන් දෙවන අවස්ථාව මෙය බවත් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart