
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිශ්චිත සීමාවන් ඉක්මවා අධික ලෙස බැර ලෝහ අඩංගු වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්, පාකිස්තානයේ නිෂ්පාදිත ප්‍රසිද්ධ සම පැහැපත් කරන ක්‍රීම් වර්ග දෙකකට එරෙහිව ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය (CDSCO) විසින් Goree Beauty Cream සහ Chandni Whitening Cream යන නිෂ්පාදන අනවසර රූපලාවන්‍ය ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇත.
මෙම නිෂ්පාදන මිලදී ගැනීමෙන් හෝ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස පාරිභෝගිකයන්ට ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය විසින් දැඩිව අවවාද කර තිබේ.
CDSCO ආයතනයේ රූපලාවන්‍ය අංශය විසින් සිදුකරන ලද පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ අදාළ ක්‍රීම් වර්ග ඉන්දියාව තුළ අලෙවි කිරීමට කිසිදු බලපත්‍රයක් හෝ ආනයන ලියාපදිංචි සහතිකයක් ලබා දී නොමැති බවයි.
මෙම නිෂ්පාදනවල නියමිත සීමාවන් ඉක්මවූ අධික බැර ලෝහ අඩංගු වී ඇති අතර, එය ස්නායු පද්ධතියට සහ වකුගඩු ක්‍රියාකාරීත්වයට සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බව ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වා දී තිබේ.
මෙම නිෂ්පාදන ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වූ නිශ්චිත මාර්ගය මෙතෙක් අනාවරණය වී නැතත්, අනවසර රූපලාවන්‍ය ද්‍රව්‍ය රට තුළ අලෙවි කිරීම, බෙදාහැරීම හෝ දැන්වීම් පළකිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස සියලුම රාජ්‍ය නියාමන අංශ වෙත නියෝග නිකුත් කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින CDSCO ආයතනය, යම් හෙයකින් මෙම ක්‍රීම් වර්ග දැනටමත් මිලදී ගෙන ඇත්නම් ඒවා භාවිත නොකරන ලෙස දන්වා සිටියි.
එසේම අනෙකුත් රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නිෂ්පාදකයාගේ විස්තර, නිෂ්පාදන බලපත්‍ර අංකය, කාණ්ඩ අංකය සහ කල් ඉකුත් වීමේ දිනය නිසි ලෙස පරීක්ෂා කරන ලෙසත්, මෙම ක්‍රීම් භාවිතය නිසා සමේ අසාත්මිකතා ඇති වුවහොත් වහාම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන ලෙසත් පාරිභෝගිකයන්ට ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය විසින් උපදෙස් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart