September 16, 2026

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර් 28 වැනිදා නැවත කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවා තිබිණි.

ඇප මත පසුවන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද දින අධිකරණය හමුවේ පෙනීසිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුව මෝටර් වාහන පනත යටතට ගැනෙන එකක් බව පෙන්වාදුන්නේය.

කෙසේවෙතත්, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව නැවත ඔක්තෝබර් 28 වනදා කැඳවීමට නියෝග කළේය.