
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ට දැඩි විමසිලිමත්භාවයෙන් පසුවන ලෙස ජෙඩා හි ශ්රී ලංකා කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය හදිසි උපදෙස් මාලාවක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ජාතික අනතුරු ඇඟවීමේ පද්ධතිය හරහා ජංගම දුරකථන වෙත ලැබෙන හදිසි අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, එවැනි අවස්ථාවක වහාම ගෘහස්ථ ආරක්ෂිත ස්ථානයකට වී කවුළුවලින් ඈත්ව සිටින ලෙසත් කොන්සියුලර් කාර්යාලය උපදෙස් දෙයි.
එමෙන්ම එළිමහනේ සිටින පුද්ගලයන් ආසන්නතම ආරක්ෂිත ගොඩනැගිල්ලක් වෙත යොමු විය යුතු අතර, එළිමහන් ස්ථාන, කවුළු, වීදුරු ආවරණ, බැල්කනි සහ වහල මඟහරිමින් ශක්තිමත් බිත්තියකට මුවා වන ලෙස ද දැනුම් දී ඇත.
ජනතාව ඒකරාශී වන ස්ථාන සහ අවදානම් සහිත ප්රදේශවලට යාමෙන් වළකින ලෙස ඉල්ලා සිටින අදාළ නිවේදනය මගින් කිසිදු සිදුවීමක් ඡායාරූපගත කිරීම, වීඩියෝ කිරීම හෝ පටිගත කිරීමෙන් වළකින ලෙසට විශේෂයෙන් අවධාරණය කරයි.
රථවාහන පදවන ශ්රී ලාංකිකයන් තම වාහන මාර්ග ආසන්නයේ නවත්වා, පාලම් සහ උස් ගොඩනැගිලිවලින් බැහැරව සිටිය යුතුය. අනතුර පහව ගිය බවට නිල වශයෙන් දැනුම් දෙන තෙක් මෙම ආරක්ෂිත උපදෙස් තදින්ම අනුගමනය කරන ලෙස කොන්සියුලර් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙන කොන්සියුලර් කාර්යාලය, බලධාරීන් විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් අදාළ නිවේදනය මගින් සිහිකැඳවා තිබේ.
විශේෂයෙන්ම යම් සිදුවීමක් ඡායාරූපගත කිරීම, වීඩියෝ කිරීම හෝ ඒවා අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ පවතින නීති සහ රෙගුලාසි තදින්ම පිළිපදින ලෙස ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart