September 16, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයට ගුවන් යානා ලබාගැනීමේ ක්‍රියාවලියට අදාළව සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නාමල් රාජපක්ෂ මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම්කර තිබේ.

එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගන්නා ලද නාමල් රාජපක්ෂ, දැනට සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.