
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන්ගේ පෞද්ගලික හෝ සංවේදී ඡායාරූප සහ වීඩියෝ පෙන්වා මුදල් හෝ වෙනත් අයුතු ප්‍රයෝජන ඉල්ලා කරන තර්ජන හෙවත් ලිංගික කප්පම් ගැනීම් ඉහළ යමින් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම අපරාධ ක්‍රමවේදය සමාජ මාධ්‍ය, පණිවිඩ හුවමාරු යෙදුම්, dating platforms හෝ ඔන්ලයින් ක්‍රීඩා ඔස්සේ ඕනෑම අයකු ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක විය හැකි අතර, ආරම්භයේදී ඉලක්කගත පුද්ගලයා සමඟ සමීප සබඳතාවක් හා විශ්වාසයක් ගොඩනඟා ගන්නා අපරාධකරුවන්, පසුව පෞද්ගලික ද්‍රව්‍ය ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටින බවට අනාවරණය වී තිබේ.
මීට අමතරව, වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද අසභ්‍ය Deepfake ඡායාරූප ඔස්සේ ද වින්දිතයන් බිය ගැන්වීම් සිදුකරන බවට වාර්තා වී තිබේ.
එවැනි තත්ත්වයකට මුහුණදෙන අවස්ථාවකදී, අපරාධකරුවන් සමඟ තවදුරටත් සන්නිවේදනය කිරීමෙන් හෝ මුදල් ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බවත්, ලැබී ඇති තර්ජන, පණිවිඩ සහ ඡායාරූප ඇතුළු සියලුම සාක්ෂි මකා නොදමා සුරක්ෂිත කරගන්නා ලෙසත්, අදාළ ගිණුම් අවහිර කර වාර්තා කිරීමට පෙර අදාළ අංශ වෙත දන්වා නිසි උපදෙස් ලබාගැනීමත් කළ යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කරයි.
අන්තර්ජාලය තුළ පෞද්ගලික හෝ සංවේදී තොරතුරු බෙදාගැනීමේදී අතිශයින් කල්පනාකාරී වන ලෙසත්, මෙවැනි තත්ත්වයකදී තමා වරදකරු නොව වින්දිතයකු පමණක් බව වටහාගෙන අනවශ්‍ය බියකින් තොරව කඩිනමින් බලධාරීන් දැනුවත් කරන ලෙසත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart