
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි Luggage belt 06 අසළ අතහැර දමා තිබී, දළ වශයෙන් රුපියල් මිලියන 320ක වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කර ඇත්තේ, සුළං නොවදින ලෙස අසුරන ලද පැකට් 60ක මෙම මත්ද්‍රව්‍ය ගමන් බෑග් දෙකක් තුළ සඟවා තිබී ඇති බවයි.
තායිලන්තයේ බැංකොක් නගරයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-405 දරන ගුවන් යානයෙන් පැමිණි මගියකු විසින් මෙම බෑග් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට පත්වීමට ඇති බිය නිසා අදාළ මගියා මෙම බෑග් මෙලෙස අතහැර දමා ගුවන්තොටුපොළින් පළායන්නට ඇති බවට විමර්ශන අංශ සැක පළකරනු ලබයි.
මෙම බෑග් රට තුළට රැගෙන ආවේ කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා ගුවන්තොටුපොළ CCTV කැමරා දර්ශන පරීක්ෂා කරන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහය ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart